August 23, 2024

බොට්ස්වානා රාජ්‍යයෙන් කැරට් 2,492 ක බරකින් යුත් දියමන්තියක් සොයාගෙන ඇති අතර එය ලෝකයේ මෙතෙක් සොයාගත් දෙවැනි විශාලතම දියමන්තිය බව පැවසෙයි.

කැනේඩියානු පතල් සමාගමක් වන Lucara Diamond Corp පවසන්නේ, ඔවුන්ට අයත් Karowe දියමන්ති පතලෙන් එම සුවිශේෂී දියමන්තිය සොයාගත් බවයි.

මෙතෙක් සොයාගත් විශාලතම ගුණාත්මක දියමන්තිය වූයේ කැරට් 3,106 ක බරකින් යුත් Cullinan දියමන්තියයි.

එය 1905 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබියදී  කැනීම්වලින් සොයාගැනුණු අතර, පසුව VII එඩ්වඩ් රජුට තෑගිකරන ලදී.

එය කොටස් කිහිපයකට කපා ඇති අතර ඒවායින් කිහිපයක් දැනටත් බ්‍රිතාන්‍යයේ රාජකීය ඔටුන්නේ පවතී.

කැනේඩියානු පතල් සමාගම වන Lucara හි සභාපති, William Lamb පවසා ඇත්තේ, කැරට් 2,492 ක බරකින් යුත් මෙම අසාමාන්‍ය දියමන්තිය හමුවීම ගැන ඔවුන් සතුටට පත්වන බවයි.

ඉහළ ගුණාත්මයෙන් යුත් දියමන්තියේ වටිනාකම කුමක්ද හෝ එය කොටස්වලට කපාගත හැකිදැයි යන්න Lucara පවසා නැත.

බොට්ස්වානා රජය පවසන්නේ, එය එරටින් සොයාගත් විශාලතම දියමන්තිය බවයි.

එහි Karowe පතල ක්‍රමයෙන් විශාල ගල් ලබා දෙයි.

2019 දී Sewelo සමාගම විසින් කැණීම් කර ලොව දෙවැනි විශාලතම දියමන්තිය වූ කැරට් 1,758 ක Sewelo දියමන්තිය සොයාගත්තේය.

බොට්ස්වානා යනු ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයෙකි.