August 23, 2024

බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි.

අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන ගමන්කළ බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බළප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් පැමිණි බෝට්ටුවේ දෙදෙනකු බවට දැනගන්නට ලැබී ඇති බවත් රාත්‍රි නිසා අනන්‍යතාව හදුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.

බෙන්තර සංචාරක හෝටලයක් ඉදිරිපිට අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.