60.83%
21.06%
14.83%
August 23, 2024

මෙවර ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඉඟි කළේය.

“1982 දී දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන විට දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා වූ අතර ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කළා. 1999 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රහණය කරන විට අග්‍රාමාත්‍යවරයා වූයේ දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතායි. කුමරතුංග මහත්මිය 1999 දී සිය දෙවැනි කැබිනට් මණ්ඩලය පිහිටුවූ පසුවත් වික්‍රමනායක අගමැති ධුරයේ කටයුතු කළා. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ විට අග්‍රාමාත්‍ය ධූරය දරන පුද්ගලයා එම ධුරයේම කටයුතු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා,” යනුවෙන් ජනමාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන ඊයේ පැවසීය.

60.83%
21.06%
14.83%