60.21%
17.34%
18.42%
August 23, 2024

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී නීතිඥ තලතා අතුකෝරළ ඉල්ලා අස්වන බවට පාරිලිමේන්තුවේ දී ප්‍රකාශ කළ ද, ඒ බව කතානායකවරයාට ඊයේ (22) වනවිටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක් වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීරගේන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ, තලතා අතුකෝරල සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් බාරදී නැති හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නොහැකි වී ඇති බවයි.

තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවේ දී පෙරේදා විශේෂ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව සඳහන් කළාය.

තලතා අතුකෝරළගේ අස්වීමෙන් පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

තලතා අතුකෝරළගෙන් පසු පසුගිය මහ මැතිවරණයේ දී එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ කරුණාරත්න පරණවිතාන ය.

ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36787 කි.(ලංකාදීප)

60.21%
17.34%
18.42%