62.84%
16.47%
16.86%
August 22, 2024

2021 වසරේ සිට මෙරට රඳවා සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් Vitaly Tyutkalo, සිය පවුලේ අය බැලීමට යෑමට අවසර දෙන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා තිබේ.

රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇතුළු කන්ටේනර් 1,486ක් රැගත් එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේදී කොළඹ වරායට නාවික සැතපුම් 10ක් උතුරින් පිහිටි නැංගුරම් පොළේදී ගිනි ගත්තේය.

සිද්ධියෙන් පසු කපිතාන් Vitaly Tyutkalo අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරිය නමුත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගෙන ඇත.

සී ට්‍රේඩ් මැරිටයිම් පුවත්පත පවසන්නේ කපිතාන්වරයාගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී ඇති අතර, ඔහු ශ්‍රී ලංකාවේ හෝටලයක නැවතී සිටියදී හෘදයාබාධයකට ලක්ව ඇති අතර අඛණ්ඩව ඖෂධ ගනිමින් සිටින බවයි.

සී ට්‍රේඩ් මැරිටයිම් ප්‍රවෘත්ති මගින් ඔහු අගමැති දිනේෂ් ගුණවර්ධනට තමන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය පිළිබඳ පණිවිඩයක් ලබා දී තිබුණේ “ශ්‍රී ලංකා අගමැතිතුමනි, කරුණාකර මට මගේ පවුල ළඟට යෑ මට උදව් කළ හැකිද? මම අවුරුදු තුනක් ඔබේ හොඳ රටේ බලා සිටිනවා” යනුවෙන් සඳහන් කරමිනි.

පවුලේ අය නොමැතිව තමන්ට ජීවිතයේ මේ වසර ගණනාවක් මට අහිමි වී ඇති බවත් මට අධිකරණ තීන්දුවක් ගැනීමට උදව් කළ හැකිද යන්නත් ඔහු විමසා ඇත.

ඔහුගේ තත්ත්වය පිළිබඳ අවිනිශ්චිතතාව සහ දින නියමයක් නොමැතිව විදේශයක සිරවී සිටීම පැහැදිලිවම ඔහුගේ හානියට හේතු වී තිබේ.

තමන්ට වැඩිමහල් දියණියගේ විවාහ මංගල්‍ය මග හැරුණු අතර බාල දියණියගේ උපාධිය උත්සවයද මග හැරුණු බව පවසන ඔහු පවුලේ අය සමඟ එවැනි සිදුවීම් බෙදා ගැනීමට නොහැකිව මග හැරීම හද කම්පා කරවන බව ද ඔහු පවසා ඇත.

කපිතාන් විටාලිගේ සේවා යෝජකයන් වන එක්ස්ප්‍රෙස් ෆීඩර්ස් පසුගිය කාලය පුරා ඔහුට සහයෝගය දක්වා ඇත.

නීතිමය සහාය මෙන්ම, ඔවුන් ඔහුගේ වැටුප සහ ශ්‍රී ලංකාවේ නවාතැන් සඳහාත් මෝටර් රථයක් සඳහාත් ගෙවා ඇත.

62.84%
16.47%
16.86%