62.84%
16.47%
16.86%
August 22, 2024

ඩොලර් බිලියන 1.5ක ආයෝජනයක් ඉලක්ක කර මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන බැර කර්මාන්ත(heavy industries) වෙනුවෙන් වඩාත් ආකර්ෂණීය සැපයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය.

ඒ සඳහා ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ අක්කර 600ක ආයෝජන කලාපයක් මගින් මුහුදු, ගුවන් සහ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධ කිරීම සැලසුම වී තිබේ.

එය චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරාය අසල පිහිටි ආයෝජන කලාපයෙන් පසු එවැනි ආකාරයේ ආයෝජන කලාපයක් සහිත දෙවැනි කේන්ද්‍රස්ථානය වනු ඇත.

කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකඡාවකදී රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම වාර්තාකරුවන්ට සඳහන් කළේ එම කලාපය බැර කර්මාන්ත සඳහා පමණක් වෙන් කෙරෙන බවයි.

ඒ සඳහා ඩොලර් බිලියන 1-1.5ක ආයෝජනයක් බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බලශක්ති මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

ඉන්දියාව 1970 දශකයේ අග භාගයේ සිට ත්‍රිකුණාමලය වරාය දෙස බලා සිටින අතර වික්‍රමසිංහගේ මාමා කෙනෙකු වන හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන එම යුගයේදී එක්සත් ජනපද හමුදා කඳවුරක් සඳහා උපායමාර්ගික වරාය ලබා දීමට සුදානම් වීම සම්බන්ධයෙන් ඉන්දීය නායකයන් විවේචනය කර තිබිණි.

ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්වලින් පොහොසත්ම දිස්ත්‍රික්කවලින් එකකි.

ප්‍රසිද්ධ ඛනිජ වැලි නිධියක් ත්‍රිකුණාමලයේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇත.

මෙම නිධියෙන් හමුවන ප්‍රධාන ඛනිජ ද්‍රව්‍ය වන්නේ ඉල්මනයිට් සහ රූටයිල් ය.

අනෙකුත් ආශ්‍රිත ඛනිජ වර්ග වන්නේ සර්කෝන්, මොනසයිට්, ගාර්නට්, සිලිමනයිට් සහ තවත් බැර ඛනිජ වර්ග කිහිපයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙයි.

62.84%
16.47%
16.86%