60.83%
60.83%
21.06%
14.83%
August 22, 2024

දරුවකු පුසූත කිරීම සදහා මන්නාරම රෝහලට ඇතුළත් කළ ගර්භණී කාන්තාවක හදිසියේ මියයෑමේ සිද්ධියට අදාළව වෛද්‍යවරයකුගේ, හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාර්නියන් දෙදෙනකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි, මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මියගිය කාන්තාව පසුගිය 28 වැනිදා දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, දරු ප්‍රසූතියෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් රෝගීව මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, මන්නාරම මුරුන්කන් පදිංචි, මරියරාජ් සින්දුජා නමැති, 27 හැවිරිදි, උපාධිධාරිනියක වන අතර, මිය යන විට ඇය දෙදරු මවක් වූවාය.

කාන්තාව මියයෑම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් විසින් මන්නාරම රෝහල් අධ්‍යක්ෂවරයා, මන්නාරම පොලිසිය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලැබ ඇත.

රුධිරය වහනය වීම වෛද්‍යවරයාට දැන්වූ පසු, එය සාමාන්‍ය තත්වයක් බවට පවසා, වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය, මියගිය සිය දියණියට ප්‍රතිකාර කිරීම සිතාමතා පැහැරහැර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ කමිටුවක් පත්කර විමර්ශන සිදුකර, ඒ අනුව වෛද්‍යවරයාගේ සහ සෙසු පිරිසගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි, මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.

මියගිය කාන්තාවගේ ඥාතීන් සඳහන් කරනුයේ, තම දියණිය දරු ප්‍රසූතිය වෙනුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ, ගර්භණී වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයා ඇතුළු කාර්යමණ්ඩලය අපරික්ෂාකාරිව කටයුතු කළ බැවින්, තම දියණිය අකාලයේ මියගිය බවයි.

60.83%
21.06%
14.83%