60.21%
17.34%
18.42%
August 22, 2024

මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය අනුමත කිරීමට පෙර මත්පැන් බලපත්‍ර 90ක් පමණ නිකුත් කර ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

“බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රියා පටිපාටිය මේ වසර මුලදී සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත යටතේ ගැසට් කෙරුණා. කෙසේවෙතත් එම ගැසට් නිවේදනය නිකුත් කර මාස හතරක් ගත වුවද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නැහැ. අද දක්වා එය සිදු කර නැහැ. තත්ත්වය මෙසේ තිබියදී මත්පැන් බලපත්‍ර 90ක් පමණ ලබාදී තිබෙනවා,” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම මත්පැන් බලපත්‍ර 90 අවලංගු කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර පැහැර හරින ලද බදු මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අයකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීමට මුදල් අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාවෙන් අනාවරණ වී තිබේ.

ඒ අනුව ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් 3,447, 109, 832.59, වයඹ ඩිස්ටිලරීස් / සිලෝන් ඩිස්ටිලරීස් රු 500,723, 437ක්, McCallum Breweries රුපියල් 619, 437ක් සහ කලුතර සමුපකාර ස්කාගාර රුපියල් 17, 878, 752ක් ගෙවීමට තිබේ.

පැහැර හරින ලද බදු ගෙවීම වළක්වමින් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත්තේ වයඹ ඩිස්ටිලරීස් සමාගම පමණි.

කෙසේවෙතත්, මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්ක කළ ආදායම සාර්ථකව සපුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක පැවසීය.

60.21%
17.34%
18.42%