53.84%
19.85%
20.11%
August 21, 2024

බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු බොරැල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ජනප්‍රියව සිටියේ ‘කනත්තේ මන්ත්‍රී’ යන අන්වර්ථ නාමයෙනි.

ඊට හේතුව ඔහු සිය ඡන්ද බල ප්‍රදේශයේ ඕනෑම පුද්ගලයකුගේ මරණයකදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අවසන් කටයුතු වෙනුවෙන් සුසාන භූමියට පැමිණීමයි.

අභාවප්‍රාප්ත වන විට ජයන්ත ද සිල්වා 78 වැනි වියේ පසුවිය.

මිය යන විට ඔහු සමගි ජන බලවේගයේ බොරැල්ල සම සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියේය

53.84%
19.85%
20.11%