56.8%
18.59%
20%
August 21, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

පොදුජන පෙරමුණේඅතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් බිම්මට්ටමේ සියලුමදෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

අනුරාධපුරය කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරයි.

වෙනත් පක්ෂ සෙනග පෙන්වීම සදහා පිටපළාත් වල බස් වලින් සෙනග ගෙන එන බවත්, තම පක්ෂයද එසේ පිටපළාත් වලින් සෙනග ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ පවසයි.

අනුරාධපුර ජනතාවට අද එනම් අගෝස්තු 21 දින අනුරාධපුර කඩ පනහ රැස්වීමට පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂ ආරාධනයක්ද සිදුකරයි

56.8%
18.59%
20%