56.8%
18.59%
20%
August 21, 2024

කිරිබත්ගොඩ මාකොළ පාරේ පෞද්ගලික සුපිරි වෙළෙඳසලකින් පෙරේදා (19) රුපියල් පන්දාහක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරියක අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

මෙම කාන්තාව මුදල් නොගෙවා හොර රහසේ රුපියල් එක්දහස් හාර සියයක මිල සදහන් තේ කුඩු පැකට්ටුවක් ගෙන වෙවෙළඳසැලෙන් පිටව යෑමට සූදානම් වෙද්දී ආරක්ෂක අංශය විසින් අල්ලාගෙන ආයතන විධායක නිලධාරිනියට බාරදී ඇත.

එම නිලධාරිනිය මෙම කාන්තාවගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී එහි තිබූ බිල්පත් නොමැති චොකලට් තුනක්, උකුකළ කිරි ටින් එකක් හා සොසේජස් පැකට්ටුවක් සොයාගැනීමට හැකිවී ඇතැයි පොලිසිය කියයි.

රජයේ රෝහලක සේවය කරන 54 හැවිරිදි මෙම වෛද්‍යවරිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පවසයි.

ඇය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

56.8%
18.59%
20%