56.8%
18.59%
20%
August 21, 2024

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරන් සහ වේලුකුමාර් යන අතර ඊයේ (20) රූපවාහිනි සංවාදයක් අතරතුර දී ඇති වූ ගුටබැට හුවමාරුවක් නිසා දැඩි උණුසුම්කාරි තත්වයක් ඇතිවිය.

රූපවාහිනී සංවාදය අතරතුරදී වේලුකුමාර් මන්ත්‍රීවරයා පළකළ යම් අදහසක් නිසා ප්‍රකෝපකාරී වූ දිගම්බරන් මන්ත්‍රීවරයා එක්වරම නැගසිට වේලුකුමාර් මන්ත්‍රීවරයාගේ ගළ වටා අත යවා ඔහු සමග පොරබදන්නට වූ බව අදාළ රූපවාහිනී වීඩියෝ දර්ශනවල දැක්වේ.

එහිදී වේලුකුමාර් මන්ත්‍රීවරයා ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නට තැත් කරන අයුරු දැක්වෙන අතර රූපවාහිනී ආයතනයේ නිවේදකයන් දෙදෙනාටම ගැටුම නතර කරන ලෙසට බල කරමින් ඔවුන් දෙපසට කරන අයුරු දර්ශනය වේ.

වේලුකුමාර් මන්ත්‍රීවරයා ඉකුත් මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පී. දිගම්බරන් මන්ත්‍රීවරයා ද සමගි ජන බලවේගය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්විය.

ඔවුහු දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සාමාජිකයෝ වෙති.

සමගි ජන බලවේගය සමග සිටි වේලුකුමාර් මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකිරීම සඳහා ඉකුත්දා එක්වූ අතර, පලනි දිගම්බරන් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සහයෝගය පළකර ඇත.

 

56.8%
18.59%
20%