56.8%
18.59%
20%
August 20, 2024

අන්තර්ජාතික T20  පිටියේ පන්දුවාරයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සැමෝවා කණ්ඩායම අද සමත්ව තිබේ.

2026 ලෝක කුසලාන කලාපීය සුදුසුකම් ලැබීමේ තරගයකදී වනුවාටු රාජ්‍යයට එරෙහිව 15 වැනි පන්දුවාරයේදි ලකුණු 39ක් රැස් කරමින් සැමෝවා කණ්ඩායම එම T20 ක්‍රිකට් වාර්තාව පිහිටුවන ලදි.

සැමෝවා ක්‍රීඩක ඩේරියස් විසර් එම පන්දුවාරයේදී පන්දුවාරයේදි නලින් නිපිකෝට එරෙහිව හයේ පහර 6ක් එල්ල කර තිබේ.

නිපන්දු 03ක්ද යොමු වූ අවස්ථාවේ ලද ෆ්‍රී හිට් අවස්ථාව අපතේ නොහරමිනි.

සැමෝවා ක්‍රීඩක ඩේරියස් විසර් පන්දු 62කදී ලකුණු 132ක් රැස්කළ අතර වනවාටු කණ්ඩායම මෙම තරගය ලකුණු 10කින් ජය ගනු ලැබීය.

2007 වසරේදී ඉන්දිය හිටපු ක්‍රීඩක යුවරාජ් සිංග් එංගලන්තය⁣ට එරෙහිව T20 තරගයක පන්දුවාරයකදී ලකුණු 36ක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබීය.

ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පෝලාර්ඩ්(2021),නිකලස් පූරන්,දිපේන්ද්‍ර සිංග්(2024) , රින්කු සින්ග් සහ රෝහිත් ෂර්මා(2024) T20 පිටියේ පන්දුවාරයක ලකුණු 36ක් රැස්කර තිබේ.

56.8%
18.59%
20%