56.8%
18.59%
20%
August 20, 2024

මේ දිනවල ළමා ඇදුම වැනි රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පසුගිය දින දෙක තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කරයි.

දරුවකු කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එය ඇදුම රෝගයේ ලක්ෂණයක් විය හැකි බව ඔහු පෙන්වාදෙයි.

ඔහුට අනුව, ඉන්ෆ්ලුවෙන්සා සහ වෛරස් උණ යන දෙකම දැනට පැතිර යමින් තිබේ.

විශේෂයෙන් උණ තත්ත්වය ශ්වසන ගැටලු ඉහළ දැමීමට බලපාන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

එබැවින්, දරුවකුට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ ඇත්නම් දරුවා නිවසේ තබා ගැනීම සුදුසු යැයි ඔහු පෙන්වාදෙයි.

ළමුන් තුළ මෙවැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් මුඛ ආවරණ පැළඳිය යුතු බවත් දරුවන් අතර ඇදුම සහ ශ්වසන රෝග වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු මව්පියන්ගෙන් ඉල්ලා සිටී.

ඔහු අනතුරු අඟවන්නේ ප්‍රධාන වශයෙන් රාත්‍රියේදී ඇතිවන කැස්ස ළමා ඇදුම රෝගයේ සලකුණක් විය හැකි බවටයි.

වතින සීතල දේශගුණික තත්ත්වයන් හේතුවෙන් කැස්ස පපුවේ වේදනාව සහ උණ සමඟ ඇති වුවහොත් එය නියුමෝනියාව දක්වා වර්ධනය විය හැකි බැවින් උණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වන අතර එම රෝගය පහළ ශ්වසන මාර්ගයට බලපාන්නේ දැයි පරීක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

56.8%
18.59%
20%