56.8%
18.59%
20%
August 20, 2024

කොළඹ ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකක් සහ MRI යන්ත්‍ර දෙකක් කාර්මික දෝෂයන්ට ලක්ව මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒවා අලුත්වැඩියා නොකිරීම නිසා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා සැළකිව යුතු බලපෑමක් ඇතිකර තිබෙන බව වාර්තා වේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ මෙම යන්ත්‍ර අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සේවාවන්ට සැළකිව යුතු බාධාවක් මතු වී ඇති බවයි.

මෙලෙස කාර්මික දෝෂයන්ට ලක්ව ඇත්තේ බාහිර රෝගී අංශයේ සහ ප්‍රධාන විකිරණවේද දෙපාර්තමේන්තුවේ CT ස්කෑන් යන්ත්‍ර මෙන්ම බාහිර රෝගී අංශයේ සහ ස්නායු ශල්‍ය අංශයේ MRI යන්ත්‍රයි.

ඉන් එක් යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ජපානයේ සිට කණ්ඩායමක් පැමිණීමට නියමිත බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ සඳහන් කරයි.

මීට අමතරව, අනෙකුත් යන්ත්‍ර සඳහා අවශ්‍ය කොටස් කිහිපයක් දැනටමත් ලබාගෙන ඇති බව වාර්තා වේ.

56.8%
18.59%
20%