53.84%
19.85%
20.11%
August 20, 2024

අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබේ.

වාර්තා වන රිය අනතුරු සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පවසයි.

ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බව ඔහු සඳහන් කරයි.

එම රියැදුරු බලපත්‍රලාභීන් සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබාගැනීම සිදුකළ යුතුය.

ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණදීම ද කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මීට අමතරව, අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද, ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කරයි.(News 1st)

53.84%
19.85%
20.11%