53.84%
19.85%
20.11%
August 20, 2024

ළමා ප්‍රචණ්ඩත්වය, පාසල් හැරයෑම සහ අධ්‍යාපන කටයුතු දුර්වලවීම වැනි සිදුවීම් වැඩිවීමට හේතුවිය හැකි බවට සැක කෙරෙන ‘අවධානය අඩු අධි ක්‍රියාකාරී ආබාධ’ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ හිඟයක් දැනට පවතින බව වාර්තා වේ.

එවන් රෝග ලක්ෂණ පාලනය කිරීමේ ප්‍රධානතම ඖෂධයක් වන Methylphenidates නම් ප්‍රබල මධ්‍යම ස්නායු පද්ධතියේ උත්තේජක ඖෂධයේ හිඟයක් දැනට පවතින බව උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ ළමා හා නව යොවුන් මනෝචිකිත්සාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ආචාර්ය ප්‍රභා විද්‍යාතිලක පවසයි.

මේ නිසා ‘අවධානය අඩු අධි ක්‍රියාකාරී ආබාධ’ සහිත දරුවන් අතර ප්‍රචණ්ඩත්වය, අධ්‍යාපනය හැර යෑම සහ අධ්‍යාපන කටයුතු දුර්වලවීම දැකිය හැකි බව වෛද්‍ය විද්‍යාතිලක සඳහන් කරයි.

වෛද්‍ය විද්‍යාතිලක පවසන පරිදි ‘අවධානය අඩු අධි ක්‍රියාකාරී ආබාධ’ සඳහා ප්‍රතිකාර කිරීමට වෙනත් ඖෂධ තිබුණ ද එවැනි රෝග ලක්ෂණ පාලනය කිරීමේදී ඒවා එතරම් සාර්ථක නොවේ.

සාමාන්‍යයෙන් මාස දෙකක කාලයක් සඳහා සායන මගින් නිකුත් කරන ඖෂධ එතරම් කාලයක් සඳහා නිකුත්කිරීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළමා රෝගීන්ට මේ වනවිට දෙසතියකට වරක් සායන වෙත පැමිණ ඖෂධ ලබා ගැනීමට සිදුව ඇති බව ද ඇය පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, වෛද්‍ය විද්‍යාතිලක තහවුරු කළේ ඇය විස්තර කර ඇති පරිදි දැනට පවතින තත්ත්වය උතුරු කොළඹ ශික්ෂණ රෝහලට පැමිණෙන දරුවන්ට පමණක් සීමා වූවක් බවයි.

අමෙරිකානු මනෝවිද්‍යා සංගමය පැවසුවේ ‘අවධානය අඩු අධි ක්‍රියාකාරී ආබාධ’ ලෙස රෝග විනිශ්චය කිරීමට නම් රෝග ලක්ෂණ වයස අවුරුදු 12ට පෙර පැවතිය යුතු බවයි.

කෙසේවෙතත්, වැඩිහිටියන් කිහිප අතර ද ‘අවධානය අඩු අධි ක්‍රියාකාරී ආබාධ’ හඳුනාගෙන ඇත.

 

53.84%
19.85%
20.11%