53.84%
19.85%
20.11%
August 20, 2024

 

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබේ.

ඒ අනුව ඇය යාපනයේ දූපත් ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (18) ආරම්භ කර ඇත.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු ඇයගේ සහාය ඉල්ලා ඇතත් ඇය මෙවර ජනාධිපතිවරයාට සහාය පළකිරීමට අදහස් කර කළ බව ප්‍රචාරක කටයුතු අතරතුර දී ජනමාධ්‍යයට පවසා තිබේ.

ජනාධිපතිවරණය සඳහා මෙවර පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ කීපයක් තුළම දැඩි භේද වීමක් දක්නට ඇති බව ද ඇය පවසයි.

මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උතුරේ දෙමළ ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවන බව ද හිටපු ඇමැතිවරිය කියාසිටියි.

මැතිවරණය ආසන්නයේදී පොදු දෙමළ අපේක්ෂකයා ඉල්ලා අස්වීමක් හෝ නිහඬව සිටීමක් බලාපොරොත්තු විය හැකි බව ද විජයකලා මහේස්වරන් වැඩිදුරටත් සඳහන් කරයි

53.84%
19.85%
20.11%