53.84%
19.85%
20.11%
August 20, 2024

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂට සහාය පළකිරීම සඳහා එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා සමගි ජන බලවේගයට සහාය පළකිරීම සඳහා එක්විය.

මෙම තීරණය සම්න්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු විසින් වැදගත් කරුණු රැසක් හෙළිකර තිබේ.

තමන් 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂට සහාය පළකිරීමට එක්වුයේ රට වෙනුවෙන් ඔහු විසින් සුවිශේෂී මෙහෙවරක් කරනු ඇති බවට වූ බලපොරොතුව හේතුවෙන් බව එහිදී පෙන්වා දී ඇති තිලකරත්න ඩිල්ෂාන්, ඔහු එම අරමුණෙන් බැහැරව කටයුතු කරන බව දැනගත් වහා එම දේශපාලන කඳවුරෙන් ඉවත් වූ බවද සඳහන් කර ඇත.

මේ අතර තමන් විසින් කිසිදු පක්ෂ භේදයකින් තොරව දකුණේ ජනාතාව වෙනුවෙන් දියත් කළ ප්‍රජා සත්කාර වැඩසටහන් හමුවේ, පොදුජන පෙරමුණ නියෝජනය කරන දකුණු පළාත් දේශපාලන නායකයින් බියවී සිටි ආකාරය සහ ඊට අදාළ කාරණාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ විසින් තමා දැනුවත් කළ ආකාරයද ඔහු මෙම සාකච්ඡාවේදී අනාවරණය කර තිබේ.

අදාළ සාකච්ඡාව පහතින්;

53.84%
19.85%
20.11%