53.84%
19.85%
20.11%
August 20, 2024

පසුගිය වසරේ මන්ත්‍රීවරුන් 200කට වැඩියෙන් සහභාගිවී ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම් වාර තුනකට පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය වසරේ දී පවත්වා තිබූ පාර්ලිමේන්තු රැස්වීම් ගණන 105 කි.

මන්ත්‍රීවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සහභාගීවී සිටි රැස්වීම් වාර ගණන 78ක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු රැස්වීම් 24 කට සහභාගිවී ඇත්තේ මන්ත්‍රීවරුන් 150කට අඩු සංඛ්‍යාවක් බව එම වාර්තාවේ දැක්වේ.

පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 කි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. (ලංකාදීප)

53.84%
19.85%
20.11%