52.9%
21%
19.6%
August 19, 2024

චීන නාවික හමුදා පුහුණු නෞකාවක් වන PLANS Po Lang, එහි සාගර පුහුණු මෙහෙයුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂැං ෂියාඕගන්ග්ගේ ප්‍රකාශයකට අනුව මෙම සංචාරය අගෝස්තු මැද සිට නොවැම්බර් අග දක්වා සිදු වීමට නියමිතව තිබේ.

PLANS Po Lang සිය ගමනේ දී වියට්නාමය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව ප්‍රධාන නැවතුම් ස්ථාන ලෙසත් සහ තාක්ෂණික කටයුතු වෙනුවෙන් හොංකොං නැවතුම් මධ්‍යස්ථානයක් ලෙසත් යොදා ගැනීමට නියමිතය.

නෞකාව යන ගමනාන්ත රටවල නාවිකයන් සමග සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමේ හුවමාරු වැඩසටහන් සඳහා ද මෙම නෞකා කාර්ය මණ්ඩලය සහභාගී වනු ඇත.

මෙය සහයෝගී සමුද්‍රීය ප්‍රජාවක් ගොඩනැගීමට දායක වීමට චීනය දරන පුළුල් උත්සාහයේ කොටසක් බව ජ්‍යෙෂ්ඨ කර්නල් ෂැං අවධාරණය කර තිබේ.

52.9%
21%
19.6%