49.8%
16.4%
25.8%
August 18, 2024

වැල්ලවත්ත පොලිස් වසමේ ඔචාර්ඩ් වෙළෙඳ සංකිර්ණය අසල සිදු වූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයකු ඝාතනය කර ඇති බවට වැල්ලවත්ත පොලිස් ස්ථානයට ඊයේ ලද පැමිණිල්ලක් මත කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්ව තිබුණේ කොළඹ 13 ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.

එම පුද්ගලයා දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුගේ වෙළෙඳසැලෙහි සේවය කර ඇති බව පොලිසිය පවසයි.

ඔහු සහ වෙළෙඳසැල් හිමිකරු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මත වෙළෙඳසැල් හිමිකරු විසින් සිදුකරන ලද පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

විමර්ශනවලින් පසු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක් වන වෙළෙඳසැල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

49.8%
16.4%
25.8%