August 17, 2024

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා මූල්‍ය නිරීක්ෂණ මාර්ගගත මෙවලමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ස්ථාපිත කර තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්), නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ව්‍යාපාරය (කැෆේ), මැතිවරණ ප්‍රචණ්ඩත්වය නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV), Hashtag Generation සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක්ඒ සඳහා මැදිහත් වේ තිබේ.

2023 මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම, දැනුවත් ඡන්ද තීරණ ගැනීමට පුරවැසියන්ට අත්‍යවශ්‍ය තොරතුරු බල ගැන්වීම, ජනාධිපති අපේක්ෂකයන් අතර සම මට්ටමේ ක්‍රීඩා පිටියක් සහතික කිරීම, රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන සාධාරණ සහ නිදහස් මැතිවරණවාතාවරණයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටීම ‘ඡන්ද සල්ලි මීටරේ’ නම් මෙවලමෙහි අරමුණයි.

මෙම සහයෝගිතා මෙවලම කොළඹ BMICH හිදී දියත් කරන ලද්දේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා, ජනාධිපති අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ සිවිල් සමාජ සංවිධානවල සහභාගීත්වයෙනි.

මෙම මෙවලම නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන අරමුණු සඳහා දායක වීමටය.

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවල මුදලේ කාර්යභාරය සහ ඡන්දදායකයන්ගේ තීරණ කෙරෙහි එහි බලපෑම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මගින්, ‘www.chandasallimeetare.lk’ වෙබ් අඩවිය හරහා ප්‍රචාරක මූල්‍ය නිරීක්ෂණ සඳහා පුරවැසියන් සම්බන්ධ කර ගැනීම දිරිමත් කරනු ලැබේ.

වෙබ් අඩවිය ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් පිළිබඳ වටිනා තීක්ෂ්ණ බුද්ධියක් සහිතව තෝරාගත් පිරිවැය කාණ්ඩවලට බෙදා ඇත.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය, දැන්වීම් පුවරු සහ කටවුට්, පොදු සිදුවීම්, මාධ්‍ය සාකච්ඡා සහ ප්‍රචාරක කාර්යාල වැනි අංශ එමගින් ආවරණය වේ.

ප්‍රචාරක වියදම් ගණනය කරනු ලබන්නේ එක් එක් කාණ්ඩය සඳහා කලින් තීරණය කරන ලද අවම සාමාන්‍ය පිරිවැය සහ සූත්‍ර මත පදනම්වය.

සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පාදක ප්‍රචාරක කටයුතු කැපවීමෙන් අධීක්ෂණය කිරීමට අමතරව, මැතිවරණ නිරීක්ෂකයින් තම මැතිවරණ කොට්ඨාශවල බිම් මට්ටමේ මැතිවරණ වියදම් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂකයින් රට පුරා යොදවනු ඇත.

අපේක්ෂකයින්ගේ ප්‍රචාරක ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සැපයීමට පුරවැසියන්ට ද වෙබ් අඩවිය පහසුකම් සපයයි.

මෙවලමෙහි පද්ධතිය හැසිරවීමට කැපවූ ප්‍රචාරක මූල්‍ය විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයකුගෙන් සමන්විත ලේකම් කාර්යාලයක් පිහිටුවා ඇත.

මැතිවරණ නිරීක්ෂකයන් සහ පුරවැසියන් විසින් ඉදිරිපත් කරන ලද සියලුම දත්ත ‘ඡන්ද සල්ලි මීටරේ’ හරහා ප්‍රසිද්ධ කිරීමට පෙර සත්‍යාපනය කරනු ලැබේ.

මැතිවරණයෙන් පසු සියලුම මැතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන්ගේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බව නීතියෙන් ද නියම කර ඇත.