43.4%
15.4%
30.9%
August 17, 2024

කුඩා ඔයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම අවදානම ඇත්තේ බුලත්සිංහල, පාලින්දනුවර සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවලටය.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.

මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ගයන් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

43.4%
15.4%
30.9%