49.8%
16.4%
25.8%
August 17, 2024

ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට 2 වැනි මට්ටමේ ඇම්බර් නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ අද (17දා) අලුයම 5:00න් අවසන් වූ පැය 24 තුළ අදාළ ප්‍රදේශ සඳහා මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීම සැළකිල්ලට ගනිමිනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, යක්කලමුල්ල, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශවලට මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, මතුගම සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන, ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ ද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය මගින් ආවරණය කර ඇත.

රට පුරා තවත් ප්‍රදේශ කිහිපයක නායයෑම් පිළිබඳ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය 1 වැනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇත.

49.8%
16.4%
25.8%