43.4%
15.4%
30.9%
August 17, 2024

රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් ඊයේ (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොමිෂන් සභාව විසින් නතර කර දැමීමට පියවර ගනු ලැබීය.

හික්කඩුව සංචාරක පුරවරයේ දේශීය හා විදේශීය සංචාරකයන් නගරය තුළ ගමන් කිරීමේදී දුර ගමන් සේවා බස් රථ සහ බර වාහන ගමන් කිරීම හේතු කොට ගෙන සංචාරකයන්ට වන අපහසුතාවය මගහැරවීම සඳහා හික්කඩුවේ සිට ගෝනපිනුවල හරහා කුමාර කන්ද දක්වා ගමන් කිරීමට යෝජනා කළ නව විකල්ප මාර්ගය ඊයේ ( 16) විවෘත කිරීමට නියමිතව තිබිණි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල සහකාර මැතිවරණ කොමසාරීස් ඇතුළු නිලධාරීන් පැමිණ උත්සවය නතර කරන ලෙසට එහි සංවිධායකයන්ට උපදෙස් දී තිබේ.

මේ උත්සවය හික්කඩුව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබිණි.

ජනාධිපති අපේක්ෂක රනිල් විකමසිංහ ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනෙන් සිදුකරන බවට කළ පැමිණිල්ලක් හේතු කොට ගෙන මෙම හික්කඩුවේ විකල්ප මාර්ගය විවෘත කිරීමේ වැඩසටහන නැවැත්වීමට හේතුවවූ බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

(ලංකාදීප)

43.4%
15.4%
30.9%