August 16, 2024

තම අධිකාරියට ලැබෙන දුරකථන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් දරුවන්ගෙන් ලැබෙන බවත් එවැනි ඇමතුම් බොහොමයක් මව්පියන් විසින් කම්මුල් පහරවල් එල්ල කිරීම සම්බන්ධයෙන් වන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන පවසන්නේ ලැබෙන ඇමතුම්වලින් අතිමහත් බහුතරයක් ශාරීරික දඬුවම්වලට ගොදුරු වූ දරුවන්ගෙන් වන අතර විශේෂයෙන් කම්මුලට පහර දීම, පහර දීම සහ වේවැලෙන් පහර දීම ආදිය සම්බන්ධයෙන් වන බවයි.

“සිද්ධිය ඉතා දරුණු නම්, තුවාලයක් වුණොත් අපි ඔවුන්ව රෝහලට ගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ලබා ගන්නවා. සමහර වෙලාවට අපි දරුවාගේ සිරුරේ වේවැල් සලකුණු දකිනවා. දරුවාට ශාරීරික තුවාල සිදුවී නොමැති නමුත් තවමත් ශාරීරික දඬුවම් විඳින තත්ත්වයක සිටීනම් ඒත් බලධාරීන් පියවර ගන්නවා,” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.

“තුවාලයක් නැතිනම්, අපි මව්පියන් සමඟ කතා කර ශාරීරික දඬුවම්වලට සම්බන්ධ නොවන විනය පියවරයන් පිළිබඳ ඔවුන්ට උපදෙස් දෙනවා. මෙය නැවත සිදු වුවහොත් නීතිමය පියවර ගන්නා බවට අපි ඔවුන්ට අනතුරු අඟවනවා,” යනුවෙන් ඇය ප්‍රකාශ කරයි.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී ඇමැති මණ්ඩලය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන යටතේ සියලු මට්ටම්වලින් ශාරීරික දඬුවම් තහනම් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.

මේ අතර ජනවාරි සිට ජූලි දක්වා ළමා හිංසනයන් 1,016ක් සහ දරුණු තුවාල 119 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්තා කර ඇත.

එසේම ශාරීරික දඬුවම් යොදා ගන්නා මව්පියන්ගේ මානසිකත්වය පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් මව්පියන්ගෙන් 30% ක් ශාරීරික දඬුවම් යොදා ගන්නා බව සොයාගෙන ඇත.

අකීකරුකම සහ දරුවා ‘මුරණ්ඩු වීම’ නිසා 14%ක් ශාරීරික දඬුවම්වලට යොමු වී ඇත.

ඊට අමතරව අධ්‍යාපනයෙන් වැළකීම, දුම්පානය සහ සොරකම් කිරීම මව්පියන් විසින් දක්වන අනෙකුත් හේතු වේ.

මව්පියන් විසින් ලැයිස්තුගත කර ඇති වඩාත් පොදු චේතනාව වූයේ ශාරීරික දඬුවම් දරුවා ‘නිසි ආකාරයෙන්’ ඇති දැඩි කිරීමට උපකාරී වනු ඇති බවයි.

42.31%
17.27%
32.76%