Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පෙරේදා (10) රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව පවසා තිබේ.
නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය ගැන අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරිම සදහා හිටපු ජනාධිපතිනිය එම පාක්ෂික පිරිස හොරගොල්ල පුස්තකාල ශ්‍රවණාගාරයට කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය මෙසේ ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට “සහයෝගය ලබාදෙමු” යැයි යෝජනා කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක, තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය නොදෙන බවද, අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමැති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙස ද, ඒ පිළිබඳව තමාගේ කිසිදු විරෝධතාවක් හෝ අකැමැත්තක් හෝ නොමැති බව ද පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart