August 12, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත්, ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් කටයුතු කළ සියලුමදෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ඔහු පවසයි.

මේ වන විට එම නායකයන්ද නැවත පොදුජන පෙරමුණ පක්ෂයට එක්වීමට කැමැත්ත පළකරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව කියාසිටියේ මේ මස 21 දින පැවැත්වෙන එම පක්ෂයේ මංගල රැලිය පවත්වනු ලබන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම පිළිබඳව සොයාබැලීමට ඊයේ (11) පැමිණි අවස්ථාවේ දී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

42.31%
17.27%
32.76%