August 11, 2024

වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්‍ෂිත නිවස්නයකින් පළා යමින් සිටි බාලවයස්කරුවන් 9 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

ලිංගික අපයෝජනයට ලක්වූ දැරියන් පිරිසක් අදාළ නිවස්නයේ රඳවා සිට තිබිණි.

පළා යමින් සිටි දැරියන් පවසා ඇත්තේ ආරක්ෂිත නිවස තුළ ඇති බියකරු පරිසරය හේතුවෙන් ඔවුන් පැන යෑමට තීරණය කළ බවයි.

මොවුන් කැප්පෙටිපොළ ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටිනු දැක පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැලිමඩ පොලිසිය නුවරඑළිය පොලිසියේ සහාය ඇතිව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

වැලිමඩ පොලිසියේ කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශයේ කාන්තා උප පොලිස් පරීක්ෂක එම්. නිරෝෂා කුමාරි පැවසුවේ දැරියන් වයස අවුරුදු 15-17 අතර පසුවන්නන් බවයි.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝග අනුව ඔවුන් ආරක්ෂිත නිවාසයේ රඳවා සිට ඇත.

එම දැරියන්ට ආරක්ෂිත නිවස තුළ හිරිහැර කිරීම් සිදු වූ බව ප්‍රකාශ කර තිබේ.

ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව, දිනකට තුන්වරකට සීමා වූ නානකාමර භාවිතය, ජලය සීමාසහිතව ලබාදීම සහ ආහාර අනුභවයේ දී ඉතිරිවුවහොත් තර්ජන කිරීම ඇතුළු වාචික අපයෝජනයන්ට ඔවුන් මුහුණ දී තිබේ.

වෙනත් අධිකරණවලින් ලබා දී ඇති නියෝග වෙනස් කළ නොහැකි බැවින් වින්දිතයන් නැවත ආරක්‍ෂිත නිවාසය වෙත ගෙන යන ලෙස මහේස්ත්‍රාත් පී ජයසේකර නියෝග කර තිබේ.

කෙසේවෙතත්, අදාළ චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා අනාවරණය වී ඇති කරුණු මත සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් ලබා දී ඇත.

ඌව පළාත් සභාව යටතේ ඇති පරිවාස කාර්යාලය මගින් අදාළ ආරක්‍ෂිත නිවස පාලනය වේ.

42.31%
17.27%
32.76%