August 10, 2024

සමගි ජන බලවේගයෙන් පහ කරන ලද හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර වෙනුවට මේ මොහොතේ නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂයේ තීරණය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීමත් සමග හරීන් ප්‍රනාන්දුගේ සහ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රීධුර අහිමි විය.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ධුර පිරවීමට ඊයේ රැස්වූ පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පත් කිරීමට නියමිත බවද වාර්තා විය.

42.31%
17.27%
32.76%