August 9, 2024

මනූෂ නානායක්කාර සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපාහැරීම නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ධුරය සඳහා බන්දුලාල් බණ්ඩාරිගොඩ පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙනුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ළඟදීම රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ‘ඩේලි මිරර්’ වෙත ප්‍රකාශ කර ඇත.

මේ අතර ඇතැම් ජනමධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ, හරීන් ප්‍රනාන්දු වෙනුවට හිටපු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම්කරනු ඇති බවයි.

42.31%
17.27%
32.76%