August 7, 2024

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රය සහ එස්. එල්.එස්. ප්‍රමිති සහතිකය නොමැතිව දන්තාලේපන නිෂ්පාදනය කර විකිණීම සඳහා බෙදාහැරීමේ චෝදනාවලට වරද පිළිගත් මෙරට ප්‍රසිද්ධ පෙළේ දන්තාලේප නිෂ්පාදන ආයතනයකට රුපියල් ලක්‍ෂ 09ක දඩයක් නියම කළ අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න දන්තාලේපන නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබීමට ද නියම කළේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍ර හා ප්‍රමිති සහතික නොමැතිව පාරිභෝගිකයන් නොමග යවමින් දන්තාලේප වර්ග දෙකක් නිෂ්පාදනය කර විකිණීම සඳහා බෙදාහැරීමේ චෝදනා මත පාරිභෝගික කටයුතු අධිකාරිය ගොනුකළ චෝදනාවලට වරද පිළිගැනීම නිසා අදාළ ප්‍රසිද්ධ පෙළේ දන්තාලේප නිෂ්පාදන ආයතනයට මෙලෙස දඩ නියම කළ මහෙස්ත්‍රාත්වරයා, අත්තනගල්ල අධිකරණ බල ප්‍රදේශයේ වෙළෙඳසැල්වල ඇති අදාළ දන්තාලේප එක්රැස්කර විනාශ කිරීමට නියම කළේය.

විත්තිකාර දන්තාලේප නිෂ්පාදන සමාගමට හා එහි කර්මාන්ත ශාලා අධ්‍යක්‍ෂවරයාට එරෙහිව පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය පවරා තිබු නඩුවට වරද පිළිගැනීම නිසා මහේස්ත්‍රාත්වරයා ලක්‍ෂ 4 1/2 බැගින් ලක්‍ෂ 09 ක දඩ ඇතුළු දඬුවම් නියම කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගි කටයුතු අධිකාරියේ විමර්ශන අංශයේ නිලාරිධාත් කළ විමර්ශනයකදී අනාවරණය වූ කරුණු මත අදාළ දන්තාලේප නිෂ්පාදන ආයතනයට එරෙහිව නඩු පවරා ඇත.

නඩුව කැඳවූ අවස්ථාවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන අංශයේ නිලධාරින් කරුණු දක්වමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වසර 09 ක කාලයකට පෙර ලබාගෙන තිබූ ලේඛනයක් උපයෝගී කර ගනිමින් චිත්තකාර සමාගම දන්තාලේප නිෂ්පාදනය කර බෙදාහැර ඇතැයි දැනුම් දුන්නේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තිබූ ලේඛනය කල් ඉකුත් වී ඇති එකක් යැයිද එම ලේඛනය උපයෝගි කර ගනිමින් විත්තිකාර සමාගම පාරිභෝගිකයන් නොමග යවමින් එම දන්තාලේප වර්ග නිෂ්පාදනය කර ඇතැයි කී පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන අංශයේ නිලධාරින් එලෙස නිෂ්පාදනය කළ දන්තාලේප ලංකාව පුරා බෙදාහැර ඇතැයි ද කීය.

42.31%
17.27%
32.76%