Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එකතු කළ අගය මත බදු (වැට්) වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වූ ව්‍යාපාරිකයකු අභියාචනාධිකරණය හමුවේ අභියාචනය නැවත විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස කළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කර තිබේ.
ඊට හේතුව ලෙස නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් දැනටමත් විභාග වෙමින් තිබියදී මෙම ඉල්ලීම කර තිබීමය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න සහ රජයේ අධිනීතිඥ මනීෂා ද සිල්වා නීතිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කළහ.
මෙම අභියාචනය අභියාචනාධිකරණය විසින් මේ වන විටත් සළකා බලා ඇති අතර එම තීන්දුවට එරෙහි අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින බව පවසමින් මෙම විරෝධතා ඉදිරිපත් කර ඇත.
අභියාචනා තීන්දුව ප්‍රකාශයට පත් කර මාස අටකට පසුව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
අදාළ වැට් බදු වංචාව රුපියල් බිලියන 3.9කි.
ව්‍යාපාරික මොහොමඩ් කාමිල් කුතුබ්දීන් 2014 වසරේදී මෙම වංචාවට වරදකරු වූ අතර ඔහු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔහු ඩුබායි හෝ මැලේසියාවේ සිටින බවට විශ්වාස කෙරේ.
කුතුබ්දීන් වෙනුවෙන් ෆයිසර් මුස්තාපා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart