August 3, 2024

පාරිභෝගිකයන් තම ජල ටැංකි අවම වශයෙන් මාස තුනකට වරක් පිරිසිදු කර නඩත්තු කරන්නේ නම් සෘජු පරිභෝජනය සඳහා වුවද මණ්ඩලය මඟින් සපයන නළ ජලය උසස් තත්ත්වයේ පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරයි.

පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණ වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ නළ වතුර ලීටරයක් ​​ලබාදීමට ශත 12ක් පමණ වැය වුවද ඒ පිළිබඳව අවබෝධයක් නොමැති මහජනතාව රුපියල් 150ක් පමණ වැය කර බෝතල් කළ පානීය ජලය භාවිත කරන බවයි.

කාර්යක්‍ෂමව කටයුතු කරගෙන යෑමට තාක්ෂණික කුසලතා සඳහා අවශ්‍ය දැනට පවතින පුරප්පාඩු පිරවීම පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

මෙම පුරප්පාඩු සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බව එම කමිටුව අවධාරණය කර ඇත.

 

42.31%
17.27%
32.76%