August 3, 2024

රුපියල් 150,000ක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ මහබාගේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙම අල්ලස ඉල්ලා ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ සැකකරුවකුගෙනි.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මහබාගේ අධිකරණය අසලදී ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රදේශවාසියකුට යුක්තිය මෙහෙයුම යටතේ එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු අපහසුතාවක් ඇති නොවන බවට සහතික වීම සඳහා සැරයන්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පවසයි.

 

42.31%
17.27%
32.76%