August 2, 2024

අල්ලස් ලබාගත් රාජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන ඇත.

පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ ලේකම්වරයා මහවැලි බී කලාපයට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ජයමිණියාය වැවේ රොන් මඩ ඉවත් කර, එම රොන් මඩ නිස්සාරණය කර වැලි විකිණීමේ ව්‍යාපෘතියක් සඳහා පැමිණිලිකරුට හිමි පුද්ගලික සමාගම නමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලබාගත යුතු බල පත්‍රය ලබා දීම සඳහා රු. 1,500,000/- ක (රුපියල් ලක්ෂ පහළොවක ) අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ලවී ඇත.

එම චෝදනාව මත අදාළ ලේකම්වරයාව රාජ්‍ය ඇමැතිවරයාගේ මඩකලපුව පිහිටි කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

42.31%
17.27%
32.76%