Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයේ තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකළ පෙත්සම සම්බන්ධ අභියාචනාධිකරණ තීන්දුව අගෝස්තු 09 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඔහුගේ ඇප ඉල්ලීමද එදිනට අධිකරණය විසින් සළකා බලනු ඇත.
මීට පෙර මෙම තීරණය ලබා දීමට බලාපොරොත්තු වී තිබුණේ අගෝස්තු 01 වැනිදාය.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීමට සම්බන්ධ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඹුක්වැල්ල අත්අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි 02 වැනිදාය.
ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහ සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ බලපෑම් මත මෙම අත්අඩංගුවට ගැනීම උණුසුම් විය.
2023 ඔක්තෝම්බර් මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෙළි කළේ රුධිර ප්ලාස්මා සෛල මගින් නිපදවන ප්‍රතිදේහයක් වන මානව ඉමියුනොග්ලොබියුලින් අඩංගු කුප්පි තොගයක් ලබා ගැනීම සඳහා රේගු නිෂ්කාශනය වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවය.
එම ඖෂධය පසුව කළ තත්ත්ව පරීක්ෂණයෙන් ද අසමත් වී තිබිණි.
රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීමට පෙර ඖෂධ ප්‍රසම්පාදන වංචාව සම්බන්ධයෙන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
එහෙත් පස්වැනි විත්තිකරු පසුව ඇප මත මුදා හැරිණි.
මේ අනුව හිටපු සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ සහ එම අංශයේ තවත් නිලධාරීන් තිදෙනෙකු මෙන්ම ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් කුප්පි තොගය සැපයූ බව කියන සමාගමේ හිමිකරු රිමාන්ඩ් භාරයේ සිටියහ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක් සැකකරුවකු මීට පෙර මැයි මස 06 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැරිණි.
එලෙස මුදා හැරුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශනයි.
මේ අතර රිමාන්ඩ් භාරයේ පසුවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය ජූලි 25 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.
වෛද්‍ය වික්‍රමනායකට සුදුසු ඇප කොන්දේසි යටතේ මුදාහරින ලෙසට අභියාචනාධිකරණය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් නිකුත් කළේ ඔහුගේ නීතිඥවරුන් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart