July 30, 2024

චීනය විසින් ඉදිකරන ලද මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් ඉන්දීය සහ රුසියානු සමාගම් අතර එකමුතුවකට භාරදීමෙන් පසු ශ්‍රී ලංකාවට ආදායමක් ලැබෙනුයේ වසර තුනකට පසුව බව වාර්තා වේ.

එය භාරදීමේදී ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව සහ සම්බන්ධ ප්‍රධාන ඒකක පමණක් තමන් යටතේ පවත්වා ගෙන යනු ඇති බව ද වාර්තා වේ.

චීනයේ ඩොලර් මිලියන 209ක අරමුදල් සහිතව ඉදිකරන ලද මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා වසර 30කට කොන්ත්‍රාත් දීම වෙනුවෙන් ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ Airports of Regions Management Company of Russia අතර සම්මුතියකට පැවරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.

එම ගුවන් තොටුපළ වරක් ‘ලෝකයේ හිස්ම ගුවන් තොටුපළ’ ලෙස හඳුන්වනු ලැබුවේ ගුවන් ගමන් නොමැතිකම නිසාය.

2010-2015 සිය දෙවන ධුර කාලය තුළ පශ්චාත් යුද යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ණය ගත් හිටපු නායක මහින්ද රාජපක්ෂ විසින් 2013 දී ආරම්භ කරන ලද මෙම ගුවන් තොටුපළ වාර්ෂිකව රුපියල් බිලියන 3ක (ඇමරිකානු ඩොලර් මිලියන 10ක) පාඩුවක් ලබා ඇත.

ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු – රුසියානු ඒකාබද්ධ සම්මුතිය තෝරාගෙන ඇත්තේ රුසියානු සමාගමේ ප්‍රධාන පාර්ශ්වකරුට එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීම පිළිබඳ එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට දන්වා තිබියදීය.

රජයට අයත් Airport & Aviation Services Sri Lanka Private Ltdහි සභාපති අතුල කල්ගැටිය ඊයේ ප්‍රකාශ කළේ තාක්ෂණික කරුණු කිහිපයක් ඉවත් කිරීමට බලා සිටින අතර ඉතා ඉක්මනින් ගුවන් තොටුපළ ඔවුන්ට භාර දීමට සූදානම් බවයි.

මෙම ගනුදෙනුව මගින් ගුවන් තොටුපළ සඳහා වන සියලුම වියදම් ඉන්දියානු – රුසියානු සමුහය විසින් දරනු ඇති බවත් ශ්‍රී ලංකා රජය පළමු වසර තුන සඳහා කිසිදු මුදලක් අය නොකරන බවත් ඔහු පැවසීය.

හතරවන වසරේදී මගීන් 400,000කට සේවා සැපයීම දක්වා (වසරකට) ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට මෙම සමුහය අපේක්ෂා කෙරේ.

“වසර තුනකට පසු, අපට ආදායම් කොටසක් ලැබෙනවා, එය යෝජනාවේ දක්වා තිබෙනවා. ඔවුන් වසර 30ක් ගුවන් තොටුපළ හසුරුවන්න නියමිතයි ,” යනුවෙන් ද අතුල කල්ගැටිය පැවසීය.

ශ්‍රී ලංකාව මත්තල ගුවන් තොටුපළ භාවිත කළේ කොවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීමෙන් පසු වැඩි වශයෙන් රුසියානු සහ යුක්රේන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටය.

පසුගිය රජය යටතේ මෙම ගුවන් තොටුපළ ඉන්දියාවට ලබා දීමට සාකච්ඡා කෙරුණේ ඉන්දියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඉහළ නැංවීමේ අරමුණිනි.

කෙසේවෙතත් ගුවන් තොටුපළ ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සමඟ කළ සාකච්ඡාව සාර්ථක වූයේ නැත.

 

42.31%
17.27%
32.76%