July 29, 2024

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාතාල චරිතවල සහය ලබා ගන්නා ජනාධිපති අපේක්ෂකයන් සහ ඔවුන්ගේ සංවිධායකයන් සම්බන්ධයෙන් ඇති තොරතුරු ලබා දෙන ලෙස පොලිස් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම කාර්යාලය සඳහන් කළේ දේශපාලකයන් සහ පාතාලය අතර සබඳතා පිළිබඳ තොරතුරු ජනතාවට ලබාදිය හැකි පරිදි සියලුම පොලිස් ස්ථානවල මැතිවරණ මෙහෙයුම් ඒකක පිහිටුවා ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවම වශයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු බැගින් තම ස්ථානවල මැතිවරණ ඒකක සඳහා පැය විසිහතර පුරා අනුයුක්ත කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

ඊට අමතරව තවත් එවැනි මධ්‍යස්ථාන 45ක් රටපුරා ක්‍රියාත්මක වන බවත් ප්‍රථම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය කොළඹදී ආරම්භ කරන බවත් පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස K.V.D.A.J. කරවිට පත් කර ඇත්තේ මැතිවරණයට අදාළ කටයුතු අධීක්ෂණය කිරීමටය.

දිස්ත්‍රික්ක සම්බන්ධීකරණය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කෙරෙනු ඇත.