Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් මිලදී ගත් නව වාහන තොරතුරු වහාම WhatsApp හරහා දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියා සිටියේ වාහන පැවරීම සම්බන්ධයෙන් ගැනුම්කරු සහ විකුණුම්කරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බවයි.
මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන විස්තර ක්ෂණිකව දැනුම් දීම සඳහා 0768833300 යන WhatsApp අංකය හඳුන්වා දී ඇත.
විකුණුම්කරු වාහන හිමිකාරිත්ව මාරු මණ්ඩලය හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතු අතර, මිලදී ගත් දින 14ක් ඇතුළත ගැනුම්කරු වාහනයේ අයිතිය තම නමට පැවරිය යුතුය.
හිමිකාරිත්වය වෙනස් කිරීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීම දෙපාර්ශවයේම වගකීමකි.
අයිතිය පැවරීමකින් තොරව වාහන භාවිත කිරීමේදී ජනතාව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව දින 14ක් ඇතුළත වාහන හිමිකම වෙනස් නොකිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දඩ මුදලක් අය කරනු ඇත.
මේ යටතේ දින 14 කට පසු, රුපියල් 100ක ගාස්තුවක් අය කෙරේ.
බස්, ලොරි, වෑන් හෝ කාර් සඳහා දඩ මුදල රුපියල් 100,000 දක්වා ද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා රුපියල් 50,000 දක්වා ද දඩ මුදලක් අය කළ හැකි බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart