July 23, 2024

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස පැවසුවේ නව රෝහල් අධ්‍යක්ෂවරයකු පත්කිරීමෙන් අනතුරුව වර්ජනය අවසන් කළ බවයි.

අද පෙරවරුවේ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු රෝගී සත්කාරයෙන් ඉවත්වෙමින් වැඩ වර්ජනයක් දියත් කළහ.

ජාතික අක්ෂි රෝහලේ හිටපු වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයාගේ නුසුදුසු හැසිරීමට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කර තිබිණි.

වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධා එල්ල විය.

42.31%
17.27%
32.76%