Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා කම්කරු කොන්ග්රසයේ මහලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්රවාහන ඇමැති ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්රාත් ජයමිණි අඹගහවත්ත විසින් නුවරඑලිය පොලිසියට නියෝග කර ඇත.
පසුගිය මැයි (30) දින ඇමැති ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොන්ග්රසයේ ආධාරකරුවන් පිරිසක් කැළණිවැලි වැවිලි සමාගම යටතේ පාලනය වන නුවරඑළිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ (22) දින කරුණු වාර්තා කල අවස්ථාවේ මහෙස්ත්රාත්වරයා විසින් එම නියෝගය කළ බව වතු සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ නීතිඥ පාලිත සුහසිංහ පවසයි.
2024.05.30 දින කැලණි වැලි වතු සමාගමට අයත් නුවරඑළිය පීඩෘ තේ කර්මාන්ත ශාලාව තුලට ඇමැතිවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්රසයේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්රහයට පටහැනිව ක්රියාකිරිම සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.
අධිකරණය වෙත (22) දින ඉදිරිපත්වන ලෙසට ඇමැති ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් පිරිසට ලිඛිතව නුවරඑලිය පොලිසිය මගින් දැනුම්දී තිබූ නමුත් සැකකරුවන් කිසිවෙක් අධිකරණය වෙත ඉදිරිපත් වි නොසිටි නිසා වතු සමාගම වෙනුවෙන් පෙනීසිටි නිතිඥයවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart