Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගීන් දැඩි අසීරුතාවට පත් කරමින් රජයේ රෝහල්වල සීටී ස්කෑන් යන්ත්‍ර සැළකිව යුතු ප්‍රමාණයක් පසුගිය කාලය පුරා යළිත් සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව වෛද්‍ය වෘත්තිකයෝ පවසති.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයට අනුව රජයේ රෝහල්වල සීටී ස්කෑන් යන්ත්‍ර 44ක් ඇත.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ, කරවනැල්ල මූලික රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, රත්නපුර මහ රෝහල, හම්බන්තොට රෝහලේ පිළිකා ඒකකය, කල්මුණේ මූලික රෝහල, කළුතර රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර හතක් ක්‍රියාවිරහිත වීම හේතුවෙන් රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුව ඇති බව පැවසේ.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ ඇතැම් යන්ත්‍ර මාස ගාණක සිට අක්‍රීය බවයි.
සමස්තයක් ලෙස ගත්විට පෞද්ගලික රෝහල්වලට යෑමට නොහැකි නිසා මෙම ගැටලුව දරාගන්නට සිදුව ඇත්තේ දුප්පතුන්ට බවද එම සංගමය පෙන්වා දෙයි.
විකිරණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ මේ නිසා එම යන්ත්‍ර පිළිසකර කර නැවත පද්ධතියට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් පියවර ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart