July 18, 2024

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන ලද වියළි කහ තොගයක් නාවික හමුදාව විසින් ඊයේ සොයා ගෙන තිබේ.

පුත්තලම – වැල්ලමුන්දලම සිට කොළංකනත්ත දක්වා වෙරළ තීරයේ ඊයේ පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම වියළි කහ කිලෝග්‍රෑම් 778 ක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සීරුවෙන් සිටින අතර නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට ගලාඒම වැළැක්වීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන තුරු වියළි කහ තොගය නාවික හමුදාව භාරයේ තබා ඇත.

42.31%
17.27%
32.76%