42.31%
17.27%
32.76%
July 18, 2024

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් කැඳවන ලෙස අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

එම රැස්වීමට දේශපාලන පක්ෂ ලේකම්වරුන්, පොලිසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ හිටපු කථානායක කරු ජයසූරිය ද කැඳවන ලෙස ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ අතර, කල් දැමූ පළාත් පාලන මැතිවරණයේදී පෙන්නුම් කළ හැසිරීම අනුව ඉදිරි මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසමේ ඇති කැපවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කණස්සල්ල පළ කර ඇත.

මාධ්‍ය වෙත ඊයේ (17) අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පැවැත්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීමෙන් පසු මැතිවරණ කොමිසමේ කැපවීම පිළිබඳ ජනතාව තුළ මිශ්‍ර හැඟීමක් පවතින බවයි.

ආණ්ඩුවේ ක්‍රියා කලාපය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇති කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ආරක්ෂා කිරීම සහ මැතිවරණ කාලසීමාව සම්බන්ධයෙන් ඇති සැකයන් දුරු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බව ටිල්වින් ද සිල්වා පෙන්වා දුන්නේය.

මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ජනතාව දක්වන ප්‍රතිචාරයෙන් මැතිවරණ ප්‍රමාදය හෝ අවලංගු කිරීම පිළිබඳ ජනතාව තුළ ඇති ප්‍රබල කණස්සල්ල පිළිබිඹු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%