July 18, 2024

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තු ද අඩු කරන බව ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් පවසයි.

ඔහු සඳහන් කළේ එම අඩු කිරීමේ ප්‍රමාණය පිළිබඳ තීරණය මේ සතිය අවසානයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවති ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මීට පෙර රුපියල් බිලියන 2.8ක මාසික පාඩුවක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 6.2ක ලාභයක් ලබා ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

“ජල ලබා ගැනීමේ හැකියාවට විවිධ සාධක බලපානවා. විදුලි ගාස්තු අඩුකිරීම්වලට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට අපි සූදානම්. දැනට අමාත්‍යාංශය විදුලිය කෙරෙහි අවධානය යොමු කරනවා පමණක් නෙවෙයි පොලී අනුපාත 26% සිට 11% දක්වා පහත දැමීමේ බලපෑමත් තක්සේරු කරනවා. අපි එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකයේ වෙනස්වීම් මත පදනම්ව ජල ගාස්තු අඩු කිරීම පිළිබඳවත් අධ්‍යයනය කරමින් සිටින්නේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“ජල ගාස්තුවල බලපෑමෙන් ගැටලුවලට මුහුණදෙන සහ ආර්ථික වශයෙන් අවාසි සහගත ප්‍රජාවන් ආරක්ෂා කිරීමට අපි කැපවී සිටිනවා. පුණ්‍ය ආයතන ලෙස වර්ගීකරණය කර ඇති රෝහල්, පාසල් සහ ආගමික ආයතන සඳහා සහනාධාර ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%