July 18, 2024

කන්ජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු ඉතාලියේදී සාදයක් දැමූ බවත්, ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසට අනුයුක්තව රාජකාරී සිදුකළ, මේ වන විට ප්‍රංශයේ සිටින පොලිස් පරීක්ෂකවරයකු සහභාගීවී සිටි බවටත් සතිඅන්ත පුවත්පතක් ඔස්සේ කරුණු වාර්තා කර තිබිණි.

පසුගිය පෙබරවාරි මාසයේදී තම ජීවිත ආරක්ෂාව සඳහා බව පවසමින් මෙරටින් ප්‍රංශය බලා ගිය කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ ආදළ පුවත්පත මගින් හෙළිකරන පුද්ගල චරිතය ඔහු ලෙස හැගීයෑම හේතුවෙනි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ ප්‍රංශයේ සිට සම්බන්ධවෙමින් අදහස් දැක්වූ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධ පුවත් වාර්තාව ලියු ජනමාධ්‍යවේදියා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ ගෙන ඇති නමුත් ඔහු තම දුරකථන ඇමතුම් මඟහැරි බව ජයතිලක පවසා තිබේ.

අදාළ ජනමාධ්‍යවේදියා තම බිරිය ලබාගත් ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් කන්ජිපානි ඉම්රාන් සමඟ සාදයට ගිය පුද්ගලයන්ගේ ඡායාරුප එළඹෙන සතියේ පළකිරීමට කටයුතු කරන බව බිරිඳට දැනුම් දී ඇති බව ද ජයතිලක පවසා තිබේ.

“ඒ IP මේ IP නොවන බව”ද අදාළ ජනමාධ්‍යවේදියා විසින් සඳහන් කර ඇති බවත් පවසමින් ඔහු විසින් හඬ පටයක්ද මෙම වැඩසටහනේදී ඉදිරිපත් කර තිබිණි.

පහතින් දැක්වෙන්නේ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

 

42.31%
17.27%
32.76%