July 17, 2024

ජනාධිපති වරප්‍රසාද යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් භාවිත කරමින් ගුවන් ගමන් 978ක් සිදු කර ඇති බව හෙළි වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිය වසර පහක ධුර කාලය තුළ ගුවන් ගමන් වාර 557ක් සිදුකර ඇති බවට හෙළි වී තිබේ.

මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලබාගත් දත්ත මගිනි.

‘ඩේලි මිරර්’ පුවත්පත මගින් ගුවන් හමුදා මූලස්ථානයෙන් මේ සම්බන්ධ තොරතුරු පළමුව ඉල්ලා සිට ඇති අතර නමුත් එම තොරතුරු සැපයීමට ගුවන් හමුදාව අපොහොසත් වී ඇත.

පසුව ඔවුන්ගේ සහෝදර පුවත්පතක් වන ‘අද’ පුවත්පත විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනයකට ප්‍රතිචාර වශයෙන් මෙම තොරතුරු අනාවරණ කර තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට කරන ලද අභියාචනයකට අනුව, කොමිසම විසින් 2024.01.04 දින අභියාචනා අංක RTIC/Apeal/398/2023 යටතේ ගුවන් හමුදා මූලස්ථානය වෙත නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගයෙන් පසුව, 2024 ජූලි 11 වැනි දින තොරතුරු ලබා දී ඇති අතර, එලෙස ලබා දී ඇත්තේ ද ඉල්ලා සිටි තොරතුරුවලින් කොටසක් පමණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති වරප්‍රසාද යටතේ වසර පහක පාලන කාලය තුළ 557 වතාවක් ගුවන් ගමන් සිදු කර ඇති බවද එම තොරතුරු අනාවරණ කරයි.

ඔහු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17ක සම්පූර්ණ දුරක් ගමන් කර තිබේ.

සාපේක්‍ෂව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පාලන කාලය තුළ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් භාවිත කර ඇති අතර, එය රාජපක්ෂගේ වාර්ෂික ගුවන් ගමන් සාමාන්‍යය වන 88 අභිබවා යමින් වාර්ෂිකව ගුවන් ගමන් සාමාන්‍යය 111ක් ලෙස සටහන් වී ඇත.

 

42.31%
17.27%
32.76%