Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් සති දෙකක කාලයක් ලබා දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ලබන 29 වැනිදාට පෙර එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා ගත යුතුව ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කළ හැක්කේ එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බව එම පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂගෙන් කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අග සිදු කරන බවයි.
ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6ත් අතර කාලයකදී ඔහු ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද ඔහු සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart